1.) තෙල් කරවලා (Common lndian Krait :Bungarus caeruleus) - උග්‍ර විෂ

ලංකාවෙ සර්පයො එකින් එක ගැන සරළව දාන්නම්. ඒ එක්කම එයාල ගැන තියෙන මිත්‍යා මත ගැනත් පැහදිලි කරන්නම්
#අපේසර්පයො thread 4

මෙයා තමයි ලංකාවෙ ඉන්ම උග්‍ර විෂම සර්පය. ඇඟේ නිකන් තෙල් ගාලා වගේ දිලිසෙනව 👇👇👇

1/11 https://twitter.com/CharukaLive/status/1286291469595115522
වියළි සහ ශුෂ්ක කාලාපෙ ප්‍රදේශ වල තමයි වැඩියෙන්ම ඉන්නෙ.

මගමරුව කියන්නෙත් තෙල් කරවලාට. ඒ වගේම හබරලය/හබරලිය/හබර කියලත් සමහරු වරද්දල කියනව. ඒක වැරදි. හබරලය කියල සර්පයක් නෑ ඒත් ගම්වල අය කළු හෝ තද අළු ගැරඬින්ට, නාග මාපිලාට, අළු රදනකය කියන ඔක්කොටම ඔය හබරලය කියනව.

2/11
මෙයාලා ක්‍රියාශීලී වෙන්නෙ රාත්‍රී කාලයෙ. අඳුරු තැන්වල කොළ රොඩු අස්සෙ හැංඟිලා ගොදුරු හොයන නිශාචර සර්පයෙක්.

මෙයාල දෂ්ඨ කරහම දෂ්ඨන ලකුණු ඇහට පේන්නෙ නැති තරම්. කඩියෙක් කන තරම්වත් රිදෙන්නෙ නෑ. හැබයි රෝහලකට ගිහින් ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්තම් මරණයට පත්වෙන්න පුළුවන්.

3/11
මෙයාට මග මරුව කියන්නෙ ඒකයි. ඉස්සර කාලෙ කරවලා දෂ්ඨ කරහම කරත්තෙන් හරි උස්සන් හරි බෙහෙත් දාන්න අරන් යන ටිකට මගදි ලෙඩා මැරෙනව. විෂ බලපාන්නෙ ස්නායු පද්ධතියට. දෂ්ඨ කරහම ස්වසන අපහසුතා වගේම කතා කරන්න බැරි වෙන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි මෙයාලව අඳුරගන්න හැටි.

4/11
මොකද කරවලව අනුකරණය වෙච්ච නිර්විෂ සර්පයෙක් ඉන්නව ඉතින් ඒ අහිංසකය සෑහෙන මැරුම් කනව. ඒ ගැනත් මේකෙ අන්තිමට දාන්නම්

තෙල් කරවලාගෙ ඉස්සෙල්ල කිව්ව වගේම ඇඟේ තෙල් ගතියක් තියෙනව. මෙයාලගෙ ඇඟ සිලින්ඩරාකාරයි. බෙල්ල ඇඟෙන් පැහදිළිව වෙන් වෙලා කියල පේන්නෙ නෑ.

5/11
සුදු පාට වලලු හැඩේට ඇඟ පුරාම රේඛා පිහිටල තියෙනව. අඩි 3ක් වගේ දිගයි. හැබයි අඩි 6ක් වගේ අයත් ඉන්න පුළුවන්. ඒවගේම උඩින් බලනකොට මෙයාලගෙ කොන්ද මැදින් යනව ෂඩස්‍රාකාර ටිකක් ලොකු කොරපොතු පේලියක් අනිත් කොරපොතු වලින් වෙන් වෙච්ච.

වැඩේ කියන්නෙ රදනකයොත් වර්ණරූපීව කරවල්ලු අනුකරණය කරනව.

6/11
බැලූ බැල්මට එක වගේ පේන්නෙ. හැබයි රදනකයො කියන්නෙ නිර්විෂ අහිංසක සර්පයො ජාතියක්. ලංකාවෙ කරවල්ලු කියල හිතල වැඩියෙන්ම මරන්නෙ රදනකයන්ව

ලංකාවෙ කරවල්ලු වර්ග 2යි. මේ කිව්ව තෙල් කරවලා
ඊළඟට කියන්න ඉන්න මුදු කරවලයි

ලංකාවෙ රදනකයො වර්ග 6ක් ඉන්නව
අළු රදනකය
දාර රදනකය
කබර රදනකය

👇👇👇
7/11
මල් රදනකය
ගැට රදනකය
මී ගැට රදනකය

කරවලයි රදනකයයි වෙන් කරල අඳුරගන්න පුළුවන් ක්‍රම කිහිපයකින්

කරවලා දිගින් වැඩී වගේම දිලිසෙන ගතියක් තියෙනව ඇඟේ. රදනකයො එච්චර දිග නෑ වගේම දිලිසෙන ගතිය සාපේක්ෂව අඩුයි.

කරවලුන් කළු පැහයක් ගන්නව, රදනකයො ටිකක් දුඹුරු පැහයට හුරුයි.

8/11
ඒවගේ කරවලුන්ගෙ ඔළුව කඳෙන් වෙන් වෙලා කියල පේන්නෙ නෑ. හැබයි රදනකයන්ගෙ ඒක පේනව. මේක ඉතා පැහදිලි වෙනසක්.

ඒවගේම කරවලුන්හෙ නැට්ට කොටයි. රදනකයන්ගෙ නැට්ට දිගයි.

අන්තිමට විශේෂයෙන්ම උඩින් බලනකොට කරවලුන්ගෙ කොන්ද මැදින් යනව ෂඩස්‍රාකාර ටිකක් ලොකු කොරපොතු පේලියක්.

9/11
ඒක අනිත් කොරපොතු වගේ නෙමෙයි වෙන් වෙලා තියෙන්නෙ. මේකත් ඉතාම පැහදිලි වෙනසක්.

තෙල් කරවලාට ගොඩක් සමාන වෙන්නෙ අළු රදනකය. එයාගෙත් අර සුදු පාට වලලු පේලිය ඔළුවෙ ඉඳන් නැට්ට පැත්තට යනකොට විදිහිල fade වෙනව. කරවලාගෙ ගානට ලස්සනට තියෙනව.

10/11
අහිංසක රදනකයන්ව මරන්න එපා. එයාල අහිංසකයි

කරවලුන්ට රදනකයො අහු වුණොත් නම් ගිලිනය හැබයි 😬 (සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල සර්පයො ප්‍රමාණයෙන් කුඩා අයව ආහාරයට ගන්නව)

මේ තියෙන්නෙත් තෙල් කරවලෙක්, අළු රදනකයෙක්ට වැඩේ දෙන එකක් 😬😬

සියළුම ඡායාරූප මුල් අයිතිකරුවන් සතුයි

😊

11/11
You can follow @CharukaLive.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled:

By continuing to use the site, you are consenting to the use of cookies as explained in our Cookie Policy to improve your experience.